tuteslk
tuteslk
Up Comming :CSS සිංහලෙන්.

Flash : Guide සහ Mask Layers ගැන

හ්ම්ම්....ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න බැරි උනා. හදිසියේ පොඩි ගමනක් යන්න උනානේ. post එකක් දාන්න පරක්කු උනාට තරහා වෙන්න එපා හොඳේ. තව දෙයක් මේ මුල් tute ටිකෙන් කියලා දෙන්නේ ඉදිරියේදි අපි කරන නිර්මාණ වලට අවශ්‍ය වන මූලික දේවල්. ඉතින් මේවා අධ්‍යනය කරලා තිබ්බොත් ඉදිරියේදී කරන නිර්මාණ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අනික එකපාර ලොකු ලොකු දේවල් කරන්න කලින් මේ සරල දේවල් ඉගෙනගෙන ඉන්න ඕනේ. මොකද එතකොට ලොකු ගමනක් යන්න පුළුවන්..




Flash : සරල Animation එකක් හදමු.

ඔන්න ඉතින් Flash වල දෙවැනි Tute එක. මේක Download කරගෙන බලන්න. මොකද එතකොට HD Qulity එකෙන් Video එක බලන්න පුළුවන්. 17MB වගේ තමා තියෙන්නේ. මේ Tute එකෙන් Keyframe පිළිබඳ අවබෝධයක් ලබාදෙන්න තමා මම උත්සහ කළේ. Tute එක බලලා ඔයාලගේ අදහසත් පල්ලැහින් කොටලම යන්නකෝ. යෝජනා, චෝදනා ඕන දෙයක් කොටන්න.




Flash Tute : ආරම්භයක්

ටික දවසක් පරක්කු වෙලා හරි ඕන Flash වල පළමුවැනි video tute එක දෙන්නයි යන්නේ. අඩුපාඩුනම් ගොඩක් ඇති. සද්දෙ එහෙම පොඩ්ඩක් වැඩිකරලා අහන්න. නැත්නම් හරියට ඇහෙන් නැතිවෙයි. කටහඩ නම් ඉතින් හරිම sweet hik hik. අහලා බලන්නකෝ.

  තව දෙයක් කියන්න ඕනේ මේක flash වලාට පොඩි ආරම්භයක් විතරයි දීලා තියෙන්නේ. worspace එකයි toolbox එකයි පොඩ්ඩක් හඳුන්වලා දීලා තියෙනවා පමණයි. මෙම tool වලින් හරියට වැඩ කරන හැටි අපි ඊළඟ Tute කරද්දී බලමු. Next Tute එකත් ඉක්මණට දාන්නම්. ඒකදි සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි Animation එකක් කරගන්න හැටි තමා.

දන්න සිංහලෙන් Flash (1)

කොහොමද ඉතින් ? මම හිතුවා Flash ගැන Tute එකක් දැම්මොත් හොඳයි කියලා. මොකද net search එකක් දැම්මා Flash සිංහලෙන් ඉගෙන ගන්න Site එකක් දැක්කේ නෑ. සමහරවිට ඇති. කොහොමහරි කමක් නෑ මට ඕනේ මම දන්න දේවල් ටික කියලා දෙන්න. මෙතනදි මම විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මම මේ කියලා දෙන දේවල් වලදි පාවිච්චි කරන වචන වැරදි වෙන්න පුළුවන්. මොකද මම මේවා ඉගෙන ගත්තේ තනියම සහ net එකේ තියෙන tutorial බලලා. ඒ හින්දා අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා නිවරදි කරන්න පාඨක ඔබට පූර්ණ නිදහස තියෙනවා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Flash වගේ දෙයක් ටිකක් ලිය ලිය කියලා දෙන්න අමාරුයි. මම හිතන්න ඉන්නේ video tutorial ටිකක් දාන්න. ඒත් පුළුවන් විදිහට  ලියලත් දානවා. මොකද ගොඩක් අය internet data පරිස්සමින් පාවිච්චි කරන්නේ. ඒ අයට ඉතින්  video tutorial වලට වඩා අනිත් විදිය තමා වටින්නේ. මමත් ඉතින් data පරිස්සමින් තමා use කරන්නේ. හික්..හික්..

Blogger Template Design කරමු (3)


Tute එකේ මුල් කොටස් 2 බැලුවෙ නැද්ද?
               Part 1
               Part 2

        අද මම කියලා දෙන්න යන්නේ blog template layout එක css වලින් design කරන්නේ කොහොමද  කියන එක. ඔයාලගේ  blog template code එකේ <b:skin><![CDATA[  සහ ]]></b:skin> අතර තමයි css code එක ලිවිය යුත්තේ. නමුත් ඊට වඩා ලේසි ක්‍රමයක් Blogger එකේ ලබා දීලා තියෙනවා. Blogger Dashboard එකේ Template-->Customize යන්න click කරන්න. දැන් Advanced යන්න මත click කරන්න. දැන් අපිට අවශ්‍ය CSS code එක ඔය TextEditor එකේ ලියන්න පුළුවන්. ඒ වගේම එකේ preview එකත් ඒ ගමන් ඔය යටින් පෙන්නනවා.
        css code එක ලියන්න කලින් ඔයාලා කරන්න යන දේ ගැන පොඩි අදහසක් තියෙන්න ඕනේ. මගේ හිතේ තියෙන්නේ ඔය රූපේ තියෙන විදිහේ සරල Design එකක්. Photoshop දන්නවනම් Design එක්ක මුලින්ම කරගන්නකෝ. දන්නැති උනාට කමක් නෑ. පොඩි idea එකක් ඔලුවට දාගන්න. මගේ Design එකේ width එක 900px වෙනවා. කියන්න අමතක උනා මම Post Title එකට උඩින් දිනේ වැටෙන එක අයින් කරා. කැමති නම් ඔයාලා ඒක අයින් කරන්න. Blogger Dashboard එකේ Layout-->Blog post Widget එකේ edit click කරන්න. දැන් ලැබෙන window එකේ ඔය (දකුණු පැත්තේ රූපය බලන්න) හරිය ඉවත් කරන්න. ඊට පසුව දකුණු පැත්තේ උඩ තියෙන Save Arrangement යන්න click කරන්න.

Blogger Template Design කරමු (2)



ඔක්කොටම කලින් මේ tut එකේ පළමුවැනි කොටස බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.

<b:widget id='Blog1' locked='false' title='Blog Posts' type='Blog'/>
මම හිතනවා ඔයාලා මේ code 1 දාලා බලන්න ඇති කියලා. වැඩේ හරිනම් ඔයාලගේ post ටිකත් preview එකේ පෙන්නන්න ඕනේ. ( උඩ තියෙන රූපය වගේ ) ටිකක්  අපිළිවෙලයි නේද? ගණන් ගන්න එපා පස්සේ CSS Use කරලා ඕක පිළිවෙල කල හැකියි. දැන් අපි තව section දෙකක් add කරමු. <body> සහ </body> අතරට මේ code එක දාලා බලන්නකෝ.

<b:section class='sidebar' id='sidebar' maxwidgets='' showaddelements='yes'>
<b:widget id='BlogArchive1' locked='false' title='Archive' type='BlogArchive'/>
<b:widget id='Profile1' locked='false' title='About Me' type='Profile'/>
</b:section>

<b:section class='footer' id='footer' maxwidgets='' showaddelements='yes'>
<b:widget id='Attribution1' locked='false' title='' type='Attribution'/>
</b:section>
පළමු වැනි section එකෙන්  අපි define කරලා තියෙන්නේ sidebar එකයි. ඒ වගේම  අපි ඒකට BlogArchive, Profile කියන widget දෙක add කරලා තියෙනවා. දෙවැනි එක footer section  එක. (footer එක අවශ්‍ය නැත්නම් ඒක delete කරලා දාන්න.

Blogger Template Design කරමු (1)


ඔන්න මගේ පළමු  post එක. ගොඩක් අය blog කරන හින්දා මම හිතුවා මගේ පළමුවැනි tut එක විදිහට සරල blogger template එකක් design කරන හැටි කියලා දෙන්න. මොකද ගොඩක් අය btemplates.com වගේ site වල තියෙන ඒවා තමා use කරන්නේ. බොහෝ වෙලාවට ඒ template කිසිදු වෙනස් කමකින් තොරව තමා use කරන්නේ.

කොහොමද Blog template Design කරන්නේ ?

        blog template එකක් design කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි Artisteer වගේ software එකක් use කරන එක. ඒ වගේම පොඩි HTML/ CSS දැනුමක් තියෙනව නම් තමන්ගේම කියලා blog template එකක් design කරන එක හරිම ලේසියි. මම මෙම tut එකෙන් කියලා දෙන්න යන්නේ මේ දෙවැනි ක්‍රමය. දැන් ඉතින් මට css මෙලෝ සංසාරයක් බෑ කියලා වැඩේ අතහරින්න එපා. මටත් HTML/CSS ගැන ලොකු දැනුමක් නෑ. ඒත් යමක් කමක් කරගන්න පුළුවන්. HTML/CSS බැරිනම් පොඩ්ඩක් w3schools.com එක පැත්තේ පොඩි රවුමක් දාලා එන්නකෝ. මමත් ඉගෙන ගත්තේ ඒකෙන් තමා. (ඉදිරියේදි HTML/CSS පිළිබඳවත් පොඩි tut එකක් දාන්න හිතේ තියෙනවා. ඒක ඉතින් ඔයාලගේ අදහස් අනුව තමා තීරණය වෙන්නේ)